නිතර අසන පැණ / FAQ

නිතර අසන පැණ / FAQ

01.   මෙම වෙබ් අඩවියේ අරමුණ කුමක්ද?

            අ.පො.ස උසස් පෙළ සිසු දරු දැරියන්ගේ විභාග ප්‍රතිඵල ඉහල නැංවීමේ අරමුණ පෙරදැරිව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්ථමේන්තුව විසින් ආරම්භකොට ඇති ව්‍යාපෘතියකි. අථත්‍ය ඉගෙනුම් පරිසරයක්(Virtual Learning Environment) ලෙස සංවර්ධනය කොට ඇත.

 02.   මෙම වෙබ් අඩවිය තුලින් සපයන්නේ කුමන ආකාරයේ සේවාවන්ද?

              අ.පො.ස උසස් පෙළ දරු දැරියන් සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ඇතුලුව ඉගෙනුම් අධාරක මෙහි පළ කරනු ලැබේ.

 03.   මෙහි ඇති ප්‍රශ්න පත්‍ර භාගත (download ) කර ගන්නේ කොහොමද?

              මේ සඳහා ඔබ මෙම වෙබ් අඩවිය තුල ලියා පදිංචි විය යුතුය. ලියා පිදිංචි වීමට පෙර මෙම උපදෙස් සංග්‍රය කියවන්න.

04.   ලියා පදිංචියේදී මගේ පරීශිලක නාමය(User Name) වැරදි යයි කියන්නේ ඇයි?

             පරිශීලක නාමය දැනටමත් කවුරුන් හෝ පරිශීලකයෙකු විසින් ලබා ගෙන ඇත්නම් එය ඔබට ලබා ගත නොහැකිය. වෙනත් නමක් උත්සහ කරන්න. පරිශීලක නාමය ලබා දීමේදී  Simple අකුරු පමණක් භාවිතා කරන්න.

05.    මා විසින් දෙන ලද මුරපදය (Password) ලබා නොගන්නේ ඇයි?  

           මුරපදය අකුරු 8 කට වඩා වැඩි විය යුතුය.

          මුරපදය ලබා දීමේදී Simple අකුරු, CAPITAL අකුරු , Symbols(සංකේත) , ඉලක්කම් ඇතුලත් සම්මිශ්‍රණයක් ලෙස ලබා දෙන්න. උදා: Srilanka#2000

06.    මෙහි ලියා පදිංචි විය හැක්කේ කාටද?

           අ.පො.ස උසස් පෙළ දරුවන්, සියලුම උසස් පෙළ ගුරුභවතුන්, විෂය භාර ගුරු උපදේෂක වරුන්, සියලුම අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අධ්‍යක්ෂක වරුන් සඳහා මූලිකත්වය ලැබේ.

 07.    ලියාපදිංචියෙන් පසුව Confirmation email එක ලැබුනේ නැත. හේතුව කුමක්ද?

            නිවරදිව ඊ-මේල් ලිපිනය ඇතුලත් නොකිරීමෙන් මෙය සිදු විය හැක. නැවත නිවරදි ලිපිනය භාවිතයෙන් අලුත් ගිණුමක් ආරම්භ කරන්න. අලුත් ගිණුම ආරම්භ කිරීමේදී කලින් ලබාදුන් User name වෙනුවට අලුත් එකක් ලබා දෙන්න.

08.   මා හැම විටම නිවරදි ඊ-මේල් ලිපිනයක් භාවිතා කල යුත්තේ ඇයි?

          නිවරදි ඊ-මේල් ලිපිනය ලබා දීමෙන් ඔබගේ පාඨමාලාව පිළිබඳ තොරතුරු නිතර දැනුවත් කරනු ඇත.

09.   " මට මුරපදය අමතකයි", කල යුත්තේ කුමක්ද?

 Forgotten your username or password? මත click කිරීමෙන් මුරපදය වෙනස් කර ගත හැක.

10.   මෙහි ඇති ප්‍රශ්න පත්‍ර සඳහා උත්තර පත්‍ර ලබා ගන්නේ කෙසේද?

         ප්‍රශ්න පත්‍ර උඩුගත කොට දින කිහිපයකින් උත්තර පත්‍ර උඩුගත කරනු ඇත. එතෙක් ඔබ නිවසේ සිට පිළිතුරු ලිවීමට උත්සුක වන්න.

11.   මෙහි ඇති ප්‍රශ්න පත්‍ර සහ පාඩම් සකස් කරන්නේ කවුරුන්ද ?

      මධ්‍ය පළාතේ උසස් පෙළ ගුරුභවතුන් විසින් සකස් කරනු ලබයි.

12. තව දුරටත් ඔබට සහය අවශ්‍ය නම් මෙම වීඩියෝව නරඔන්න 


Last modified: Saturday, 18 April 2020, 7:56 AM